සබන් නඩුවෙන් Unilever පරාදයි!

November 10, 2020 at 7:55 am | by emanisa.lk

චන්ඩි පැන්ඩා සබන්වලට එරෙහිව යුනිලීවර් ආයතනය ගොනුකළ නඩුවෙන් යුනිලීවර් ආයතනය පරාජය වී ඇති අතර ලක්ස්, ලයිෆ්බෝයි ආදී සබන්වල නියම ප්‍රමිතිය නොමැති බව ද තහවුරු විය. කෙසේ වුව ද මෙම ආයතනය විදෙස් වෙළඳපොළට නිපදවන සබන් නියම ප්‍රමිතියෙන් යුතු බව ද තහවුරු වී ඇත.

“ලක්ස්, ලයිෆ්බොයි ඇතුලු සබන්වවල (Unilever products) සිරුරට අහිතකර detergent (SDBS) අඩංගුයි.

Dish wash bar වලත් ඒව තියෙන්නෙ 4%යි. ඒත් ලයිෆ්බොයි වල ඒව තියනව 5%ක්. Unilever එකෙන් රට යවන සබන් වල මේව නෑ. ඔවුන් ලංකාවෙ වෙළඳපොළට දාන සබන්වල විතරයි මේ හානිකර SDBS තියෙන්නෙ.

ඒ වගෙම ඇඟ ගල්වන සබන් වල TFM අගය 76.1% ට වඩා වැඩි විය යුතු නමුත් Unilever products වල ඒ අගය ඊට වඩා අඩුයි. ඒ විතරක් නෙමෙයි සබන් කොලේ ගහල තියන TFM අගය වැරදියි. පාරිභෝගිකයො හිතා මතාම රවට්ටනව.

මේ දේවල් හෙළි වෙන්නෙ “නියම ඇඟ ගල්වන සබන්” ලෙසින් හඳුන්වා දුන් චන්ඩි පැන්ඩා සහ චැම්පියන් (Natures buty creations) සබන්වලට එරෙහිව Unilever දාපු නඩුවකදි. නඩුවෙන් හෙළි වුනේ චන්ඩි පැන්ඩා, චැම්පියන් ඇතුලු Natures buty creations ලගෙ සබන් නියම ප්‍රමිතියෙන් යුක්ත බවත් ඇත්තටම මිනිස් සිරුරට අහිතකර ලක්ස්, ලයිෆ්බොයි ඇතුලු Unilever සබන් බවත්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස