කතානායක මහින්ද යාපා අබේවර්ධන සිය කාර්ය මණ්ඩලයේ සියලු තනතුරු කිසිදු ලෝභකමක් නොමැතිව සිය පවුලේ ළඟ ම ඥාතීන් අතර බෙදා දී ඇතැයි වාර්තා වෙයි.
ඒ අනුව කතානායක සිය පෞද්ගලික ලේකම් ධුරය සහ මාධ්‍ය ලේකම් ධුරය තම සහෝදරයන් වන වසන්ත යාපා අබේවර්ධනට සහ සරත් යාපා අබේවර්ධනට ද පත්කර තිබේ.
සම්බන්ධීකරණ ලේකම් ධුර දෙක ලබා දී ඇත්තේ සිය පුතනුවන් වන චමීර යාපා අබේවර්ධනට ද සහ තවත් සොහොයුරෙකු වන ඉඳුනිල් යාපා අබේවර්ධනට ය.
කතානායකවරයාගේ මහජන සම්බන්ධතා තනතුර ලබා ගැනීමේ භාග්‍ය හිමි ව ඇත්තේ ඔහුගේ මස්සිනා වන ප්‍රේමානන්ද කොමසාරු ය.
මේ අතර තවත් ව්‍යාපෘති ලේකම් ධුර පහක් සඳහා කැබිනට් අනුමැතිය ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කළ කතානායකවරයා එම එක් තනතුරක් සඳහා දැනටමත් සිය ඉතිරි සොහොයුරු ජනක යාපා අබේවර්ධන නම් කර අවසන් බව දැනගන්නට තිබේ.
වර්තමාන ආණ්ඩුවේ කිසිදු දේශපාලකයකුට සිය ඥාතීන් කාර්ය මණ්ඩලවලට නො ගන්නා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ධුරයේ වැඩ භාර ගනිමින් රාජාසන කතාවේ දී පාර්ලිමේන්තුවේ දී ප්‍රකාශ කළේ ය.