කොස්ගම රෝහලට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එම රෝහලෙන් අද (23) උදෑසන 6.00ට පමණ පැන ගොස් ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි.
ඔහු අද අලුයම 1.30 ට පමණ රෝහල් ගත කර ඇත. එම ආසාදිතයා සීතාවක වත්ත, නව කැලණි පාර ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බව ද සඳහන්වේ.