19 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ ස්වාධීන කොමිසන් සභා විගණනය සම්පූර්ණයෙන් තහනම් කර තිබූ බව අනාවරණය විය.
මහජනතාව තෝරා පත්කර ගන්නා ජනාධිපති ලේකම් කාර්යාලය අගමැති ලේකම් කාර්යාලය විගණනය කළ ද එවැනි වරමක් නොමැති රාජ්‍ය නොවන සංවිධාන ක්‍රියාකාරීන් යටතේ පාලනය වන ස්වාධීන කොමිසන් සභා විගණනයට ඉඩ නොමැති වීම පුදුම සහගතය.
පසුගිය සමයේ කිසියම් ස්වාධීන කොමිසන් සභාවක් විගණනයට නිලධාරීන් පැමිණි අවස්ථාවේ ඒ සඳහා ඉඩ නොදුන් බව ද වාර්තා විය.
එසේ ම මැතිවරණ කොමිසමේ නිලධාරියෙකු සිය නිවසේ පරිහරණය සඳහා කොමිසමේ වාහන තුනක් වෙන් කර ගෙන තිබූ බව ද පසුගිය සමයේ වාර්තා විය.
විමල් වීරවංශ හිරු සලකුණ වැඩසටහනට එකතු වෙමින් මේ බව සඳහන් කළේය.