බැසිල් මේ කඳවුරු හදන්න ගොඩක් මහන්සි වුණා! – ජනක

October 16, 2020 at 7:05 pm | by emanisa.lk

ආණ්ඩුවක් හදා තනතුරු ගත්විට ඇතැමුන්ට මුල අමතක වන බව අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් පවසයි.

කිසිවෙකු ඒ තත්ත්වයට වැටිය යුතු නැතැයිද ඇමතිවරයා කියා සිටියේ දඹුල්ලේ පැවති ජනහමුවක් අමතමිනි.

මේ ආණ්ඩුව බොහෝ ප්‍රශ්න මැද බොහෝ අමාරුවෙන් ගොඩනැඟූ එකක් බවත් ජනතා අපේක්ෂා බිඳ වැටීමට ඉඩ දිය නොහැකි බවත් ඔහු පැවසීය.

ඇමතිවරයා එහිදී මෙසේද පැවසීය.

‘අප පත් කළ ජනතාවගේ සිතුම් පැතුම් හදුනා ගනිමින් අපි වැඩ කළ යුතුයි, අපි ජනතාවගේ හැගීම් තේරුම් අරං ඉදිරියට යන්න ඕන. ඒවාගේම අපිට අමතක කළ නොහැකි චරිතයක් තියෙනවා. ඒ තමයි බැසිල් රාජපක්ෂ මැතිතුමා, එතුමා මේ කඳවුර සෑදීමට ගොඩක් මහන්සි වුණා. තව ද එතුමා සුවිශේෂී චරිතයක්, බැසිල් රාජපක්ෂ මැතිතුමා කෙරෙහි මාගේ හිතේ විශාල ගෞරවයක් තිබෙනවා.’

පාර්ලිමේන්තු මන්ත‍්‍රී ප‍්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් ද එම අවස්ථාවට එක්විය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස