20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහාය ලබා දීමට තීන්දු කළ බව රාජ්‍ය ඇමැති දයාසිරි ජයසේකර පවසයි.
ඒ පිළිබඳ සිය පාර්ලිමේන්තු කණ්ඩායමේ අදහස් ඇතුළත් ලිපියක් අගමැතිතුමාට යවන බව ද හෙතෙම පැවසීය.
එසේ ම රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන ඒම සඳහා වහා ම කටයුතු කළ යුතුය යන මතයෙහි තමන් සිටින බව ද දයාසිරි ජයසේකර වැඩි දුරටත් සඳහන් කළේය.
මේ අනුව විපක්ෂයේ කණ්ඩායම් ආණ්ඩුවට සම්බන්ධ කර ගැනීමේ උවමානවක් නැතැයි ආණ්ඩුවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි.