අමාත්‍යවරුන්ට හිතුමතේ උපදේශකයින් පත්කිරීමට මෙතෙක් පැවති හැකියාව අහිමි කරමින් උපදේශකයින් පත්කිරීමේ දී සැලකිලිමත් විය යුතු නිර්දේශ තුනක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ඉදිරිපත් කර තිබේ.
ඒ අනුව ඇමති උපදේශකවරු පත්කිරීමේ දී ඔවුන් ඒ ඒ ක්ෂේත්‍රවල ප්‍රවීණයන් විය යුතුය. එසේ නැත්නම් ආණ්ඩුවේ දෙපාර්තමේන්තුවක හෝ සංස්ථාවක ඉහළ නිලතල දැරුවෙකු විය යුතුය. නො එසේ නම් පෞද්ගලික අංශයේ ඉහළ නිලතල දැරුවෙකු විය යුතුය.
ජනාධිපතිතුමා මෙම නිර්දේශ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කළ බව සම කැබිනට් ප්‍රකාශක උදය ගම්මන්පිල අද (29) කැබිනට් හමුවේ දී ප්‍රකාශ කළේය.