පාර්ලිමේන්තුව හමුදා අනුකණ්ඩයක් නෙමෙයි! ෆොන්සේකා ඒක තේරුම් ගන්න ඕන! – චාමර සම්පත්

September 24, 2020 at 11:03 pm | by emanisa.lk

පාර්ලිමේන්තුව හමුදාවේ අනුඛණ්ඩයක් නොවන බව සරත් ෆොන්සේකා අවබෝධ කරගත යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක පවසයි.

අද(24) පාර්ලිමේන්තුවේදී ඊයේ දින ෆොන්සේකා ඔහුට වඩේකාරයා යැයි බැණ වැදීම සම්බන්ධව අදහස් පළ කරමින් චාමර සම්පත් මේ බව ප්‍රකාශ කළේය.

“එතුමා ජනාධිපතිවරණයේදී කෙළවා ගත්තා. විභාග දෙපාර්තමේන්තුව ලවා ⁣සරත් ෆොන්සේකාගේ සහ මගේ සුදුසුකම් පරීක්ෂා කරන්න කියලා මම කතානායකවරයාගෙන් ඉල්ලා සිටිනවා.

එයා හිතාගෙන ඉන්නේ පාර්ලිමේන්තුව හමුදා අනුඛණ්ඩයක් කියලා. මේක හමුදා අනුඛණ්ඩයක් නෙමෙයි. මේක පාර්ලිමේන්තුව. ඔහු මේක හමුදා අනුඛණ්ඩයක් ලෙස තමා අණදෙන්නේ.”

20 වන සංශෝධනය සම්බන්ධයෙන් අදහස් පල කරමින් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සරත් ෆොන්සේකා මහතා ඊයේ (23) පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශයක් හේතුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක අතර උණුසුම් තත්ත්වයක් ඇතිවිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස