මෙලෙස නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට වාර්තා වුයේ පසුගිය 13 වෙනිදා මත්තල ගුවන් තොටුපොළට පැමිණි රුසියානු ගුවන් යානාවක ගුවන් සේවා කාර්ය මණ්ඩලයක සිටි සාමාජිකයෙකුට බව ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මෙම ගුවන් යානා කාර්ය මණ්ඩලය අද දිනයේදී යලි චීනය බලා පිටත්ව යෑමට නියමිතව තිබු අතර ඊට පෙර ඔවුන් PCR පරීක්ෂණයකට පෙනී සිට ඇත. එහිදී ඔවුන්ගේ එක් නිලධාරියෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට හෙළිව ඇත.
මෙම රුසියානු ජාතිකයා සමග සිටි තවත් රුසියානු ජාතිකයින් සිව්දෙනෙක් හෝටලය අසල පිහිටි ත්‍රිරෝද රථයකින් පසුගිය ඉරිදා දිනයේදී මාතර නගරයේ පිහිටි සුපිරි වෙළදසැල් දෙකකට ගොස් ඇති බවට ද තොරතුරු ලැබී ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.
මේ අනුව සංචාරක හෝටලයේ සේවකයින් හා නිවාඩු සඳහා නිවාස වෙත ගොස් පැමිණි අයවලුන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් පිරිසක් මේ වන විටත් නිරෝදායන ක්‍රියාවලියට යොමු කොට ඇති බව සෞඛ්‍ය බලධාරීන් සඳහන් කරයි.