ජාවාරම්කාරයන්ට ඉඩම් කොල්ලයට මග පාදන ගැසට්ටුව ජනපති හරවයි!

September 23, 2020 at 12:58 pm | by emanisa.lk

අමාත්‍ය මණ්ඩල තීන්දුවක් නොමැතිව ඉඩම් කොමසාරිස් වරයා විසින් නිකුත් කළ රජයේ ඉඩම්වලට ඔප්පු  ලබා දීම නාමයෙන් ඉඩම් කොල්ලයක් සඳහා පාර කපන ගැසට් නිවේදනයක් ජනපති නියමයෙන් අවලංගු කිරීමට සිදුවී ඇති බව වාර්තා වේ.

ඒ අනුව ඉඩම් කොමසාරිස්වරයා විසින් නිකුත් කළ අංක 2192/36 සහ 10/09/2020 ගැසට් නිවේදනය 20/09/2020 ගැසට් නිවේදනය මගින් අවලංගු කොට ඇත.

එම මුල් ගැසට් නිවේදනය මගින් කැලෑපාළුවන් සහ වෙනත් ජාවාරම්කරුවන් විසින් මහා පරිමාණයෙන් අත්පත්කරගෙන රජයේ ඉඩම් පුද්ගලිය අයිතියට නතු කිරීමට ඉඩ ලැබේ. නමුත් එම ගැසට් නිවේදනයේ මුඛ්‍ය අරමුණ ලෙස ප්‍රකාශ කරන්නේ ගොවීන්ට ඉඩම් අයිතිය ලබා දීමය.

ගොවියාට ඉඩම් ලබා දීමේදී අක්කර 2 1/2 ක සීමාවක් පනවා තිබූ නමුත් මෙම ගැසට් නිවේදනය මගින් එවැනි සීමාවක් පනවා නැත.

ඊට හේතුව මහා පරිමාණයේ රජයේ හෙවත් මහජනයාගේ ඉඩම් කොල්ල කෑමට වන බව තහවුරු වී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *