ආනවිළුන්දාව “රැම්සා අභයභූමියට“ අයත් ප්‍රදේශයක් අනවසරයෙන් සහ නිත්‍යානුකුල නොවන ලෙස එළිකර ඇතැයි සැකපිට අත්අඩංගුවට ගත් ආරච්චිකට්ටටුව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ජගත් සමන්ත රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
ඒ සැප්තැම්බර් 24 වන දින තෙක්ය. ඔහු රාජ්‍ය ඇමති සනත් නිශාන්තගේ සොහොයුරාය.
හිටපු සභාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ඊයේ (21) පොලීසිය විසින් අධිකරණයෙන් වරෙන්තුවක් ලබාගෙන තිබුණි.
මෙම රැම්සා රක්ෂිතය කර තිබුණේ ඉස්සන් වගාව සඳහාය. මෙම ප්‍රදේශ මෙයට පෙර ද ඉස්සන් වගාව සඳහා එළිකර ඇතැයි වාර්තා වෙයි.
මේ සම්බන්ධව සොයාබැලීම සඳහා වනජීවි සහ වන සංරක්ෂණ අමාතයාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත්කිරීමට විෂය බාර අමාත්‍ය සී බී රත්නායක කටයුතු කර තිබේ.
කමිටු වාර්තාව සැප්තැම්බර් 8 වන දින විෂයභාර අමාත්‍යවරයා වෙත බාර දී තිබුණි.