භාෂා අභියෝගය ජයගන්න සිංහලයා සූදානම්! සිංහල සිසුවෙක් දෙමළෙන් ම ඉගෙන උසස් පෙළටත් වැඩ!!

September 19, 2020 at 9:39 am | by emanisa.lk

කුරුණෑගල ප්‍රදේශයේ සිංහල සිසුවෙකු දෙමළ භාෂාවන් අධ්‍යාපනය ලබා උසස් පෙළට ද දෙමළ බසින් පෙනී සිටීමට සූදානම් වන බව වාර්තා වෙයි.

ඒ පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය චරිත හේරත් තැබූ ට්විටර් සටහනක් මෙසේය.

“කුරුණැගල (සිංහල) මේ පියා මා සමග කීවේ තමන්ගේ පුතා සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය දෙමල භාෂාවෙන් සිදුකර උසස්පෙළ විභාගයට දෙමල භාෂාවෙන් පෙනී සිටින බවයි.

රටේ සමහර දරුවන් “භාෂාවේ බෙදීමෙන් එහාට”(beyond language boundaries) ගමන් කර ඇති බව මේ පියාගේ කථාවේ අර්ථයයි. එය අපි අගය කල යුතු දෙයක්.”

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස