අටලුගම ගැටුමේ ප්‍රධාන සැකකරු ගොටුකොළ රිෆයි අත්අඩංගුවට!

September 18, 2020 at 9:39 am | by emanisa.lk

බණ්ඩාරගම, අටලුගම දී පොලිස් නිලධාරීන් කණ්ඩායමකට පහරදුන් සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මොහොමඩ් ෂාරිෆ් රිෆායි නොහොත් “ගොටුකොළ රිෆායි“ නැමැත්තා ය.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බණ්ඩාරවෙල ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

පසුගිය 9 වැනිදා අටලුගම, මරාව ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය වැටලීමකට ගිය පොලිස් කණ්ඩායමකට කාන්තාවන් ඇතුළු පිරිසක් පහර දී තිබුණි.

පසුව කාන්තාවන් ඇතුළු 5 දෙනෙක් අත්අඩංගුවට ගත් අතර පානදුර මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඔවුන්ව සැප්තැම්බර් 24 වැනිදා තෙක් බන්ධනාගාර ගත කළේය.

එම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි තවත් සිව්දෙනෙක් ඊයේ (17) දී ද අත්අඩංගුවට ගත්තේය.

පොලීසිය පැවසුවේ එම සැකකරුවන් බලංගොඩ කල්තොට ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස