පැට්‍රිස් ලුමුම්බා ඇතුළු රුසියාවේ ලොව පිළිගත් විශ්වවිද්‍යාල 3ක් මෙරට වෛද්‍ය සභාවේ වෙබ් අඩවියේ අනුමත ලැයිස්තුවෙන් ඉවත් කිරීම අත්වැරදීමකින් සිදුවූවක් බව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සභාපති මහාචාර්ය හරේන්ද්‍ර සිල්වා පවසයි.
වැඩිදුරටත් ඔහු කියා සිටියේ ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට ද අපේක්ෂා කරන බවයි.
කෙසේ වුවද මෙයට පෙර එම සභාව සඳහන් කර තිබුණේ දීර්ඝ විමර්ශනයකින් පසු එම තීන්දුව ගත් බවය.
මේ පිළිබඳව ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරී වෛද්‍ය ආනන්ද හපුගොඩ පවසා තිබුණේ විශේෂඥ මණ්ඩලයක් විසින් වසර පහකට වරක් සිදු කරන සමාලෝචනයෙන් අනතුරුව, විදේශ විශ්වවිද්‍යාල සඳහා අනුමැතිය දීම තීරණය කරන බවය.