රට පුරා දැඩි කුඩු හිඟයක්! කුඩ්ඩෝ පිස්සු නටති!

September 13, 2020 at 4:55 pm | by emanisa.lk

රට පුරා දිගින් දිගට ම සිදුවන මත්ද්‍රව්‍ය වැටලීම් හමුවේ කුඩු සැපයුම් ජාලය සම්පූර්ණයෙන් බිඳ වැටී ඇතැයි දැනගන්නට තිබේ.

මේ නිසා පහුගිය සමයේ බන්ධනාගාරගතව සිටි කුඩුවලට ඇබ්බැහි වූ කිහිප දෙනෙකු සිය දිවි නසාගත් අතර දිවයිනේ ස්ථාන කිහිපයකින් එවැනි සියදිවි නසාගැනීමේ උත්සාහයන් ද වාර්තා විය.

එසේ ම රට පුරා මත්ද්‍රව්‍ය මිල පෙර පැවති මිල මෙන් තුන් ගුණයකින් ඉහළ ගොස් ඇති බව ද සඳහන් වෙයි.

මේ වන විට අංගොඩ රෝහල ද කුඩු පානයට ඇබ්බැහිවූවන්ගෙන් පිරී ඇතැයි වාර්තා වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස