වසර 60කට පසු මහජන දිනය සඳුදා වෙයි! ඇමතිවරුත් එදිනට අමාත්‍යංශවල!

September 10, 2020 at 10:26 am | by emanisa.lk

ලබන සතියේ සිට මහජන දිනය ලෙස “සඳුදා දිනය” නම් කිරිමට කැබිනට් මණ්ඩලය ඊයේ දිනයේදී තීරණය කළ බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක උදය ගම්මන්පිළ ප්‍රකාශ කරයි

වසර 60ක පුරා මහජන දිනය ලෙස බදාදා දිනය පැවති බවත් බදාදා දිනයේදී පාර්ලිමේන්තුව පැවැත්වෙන දිනයක් වන බැවින් අමාත්‍යවරුන් පාර්ලිමේන්තුවේ රැඳී සිටීම අනිවාර්ය නිසා මෙම තීරණය ගත් බවයි අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කළේය.

ඒ අනුව කැබිනට් මණ්ඩලය ලබන සතියේ සිට බදාදා පෙරවරුවේ පැවැත්වීමට තීරණය කර ඇති බව ද අමාත්‍යවරයා සඳහන් කළ්ය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස