එකම යානයේ පැමිණි 54කට කොරෝනා! යානයේ 398ක් ඇවිත්!

September 1, 2020 at 12:08 pm | by emanisa.lk

කටාර් සිට පැමිණ නිරෝදායනයට ලක් වෙමින් සිටි පුද්ගලයින් 22 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ සමග මෙරට වාර්තා වන සමස්ත කොරෝනා රෝගීන් සංඛ්‍යාව 3071ක් දක්වා ඉහළ ගොස්  තිබේ.

කටාර් සිට පැමිණි තවත් පුද්ගලයින් 32 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බව ඊයේ දිනයේදී තහවුරු විය. ඒ අනුව කටාර් සිට පැමිණි පුද්ගලයින් 54 දෙනෙකුට ඊයේ පෙරවරු 10 සිට අද පෙරවරු 10.00 කාලය තුලදී කොරෝනා වෛරසය ආසාදනයවී ඇති බවට තහවුරු වී ඇත.

පසුගියදා කටාර් සිට දිවයිනට පැමිණි මෙම ගුවන් යානයේ ගුවන් මගීන් 398 දෙනෙකු සිට ඇති බවයි වසංගත රෝග විද්‍යා අංශයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ප්‍රකාශ කළේය.

ඊයේ දිනයේදී ද මෙරටින් කොරෝනා ආසාදිතයින් 37 දෙනෙකු වාර්තා වූ අතර එම පිරිස අතර මුහුදු නෞකා ආරක්ෂකයින් ලෙස කටයුතු කරන ඉන්දියානු ජාතිකයින් තිදෙනෙකු ද සිටී. සෙසු පිරිස එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි පුද්ගලයින් 02ක් හා කටාර් සිට පැමිණි පුද්ගලයින් 32 දෙනා ඇතුලත්ය.

වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගෙන් මේ වන විට පුද්ගලයින් 2868 දෙනෙකු සම්පුර්ණ සුවය ලබා රෝහලෙන් පිටව ගොස් ඇති අතර රෝහල්ගතව ප්‍රතිකාර ලබන සංඛ්‍යාව 191ක් වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස