කරූ එජාප නායකත්වයට සුදුසු නෑ! මට තියෙන සුදුසුකම්වත් ඔහුට නෑ! – රනිල් ව්‍යවස්ථා කඩුවෙන් කරූ කපයි…

August 26, 2020 at 3:21 pm | by emanisa.lk

එක්සත් ජාතික පක්ෂ නායකත්වයට හිටපු කථානායක කරු ජයසූරිය පත් කිරීමට නොහැකි බව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඊයේ (25) දැනුම් දී ඇත.

පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ​ගේ ප්‍රධානත්වයෙන් සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (25) පස්වරුවේ මෙම රැස්වීම පැවැත්විණි.

මෙම කෘත්‍යාධිකාරි මණ්ඩල රැස්වීමේදී පක්ෂ නායකත්වයට කරු ජයසූරිය සුදුසු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් විජේමාන්න යෝජනා කර තිබේ. එහිදී පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ කරුණු පැහැදිලි කරමින් පක්ෂ ව්‍යවස්ථාවට අනුව පක්ෂයේ ඉහළම තනතුරු දැරීම සඳහා ජාතික විධායක සභාවේ මෙන්ම කෘත්‍යාධිකාරි මණ්ඩල සාමාජිකයකු විය යුතු බව ප්‍රකාශ කර ඇත.

හිටපු කථානායක කරු ජයසූරිය ජාතික විධායක සභාවේ හෝ කෘත්‍යාධිකාරි මණ්ඩලයේ සාමාජිකයකු නොවන බව එහි දී අනාවරණය විය.

එක්සත් ජාතික පක්ෂයේ නව නායකයා තේරීමට සැප්තැම්බර් මස මුල් සතියේදී කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්වී තීන්දු කිරීමට නියමිතය. නායකත්වය සඳහා දැනට ඉදිරිපත්ව ඇති නම් එම කෘත්‍යාධිකාරි මණ්ඩලයට ඉදිරිපත් කරන ලෙස පක්ෂ නායකත්වය මෙහිදී දැනුම් දී තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස