එජාපයේ අන්තර්කාලින නායකත්වය සඳහා කරු ජයසුරිය පත්කිරීමේ වැඩපිළිවෙල පිටුපස සිටින්නේ හිටපු අමාත්‍ය මංගල සමරවීර බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
එජාපය මහ මැතිවරණයේදී ලැබුණු අන්ත පරාජයෙන් පසු මාතර සිටි මංගල සමරවීර වහාම කොළඹට කැඳවූ රනිල් වික්‍රමසිංහ පක්ෂයේ ප්‍රතිසංවිධානය කිරීම පිළිබඳව සාකච්ජා කර ඇති අතර එහිද මංගල සමරවීර පක්ෂයේ ප්‍රතිසංවිධානය සම්බන්ධයෙන් යෝජනා මාලාවක් ද ඉදිරිපත් කර තිබේ. පක්ෂ නායකත්වය මෙන්ම පක්ෂ මහ ලේකම් ධුරය වෙනස් කිරීම ද එම යෝජනා අතර තිබේ. නායකත්වය සඳහා කරූ ජයසූරිය ද පක්ෂ ලේකම් ධුරය සඳහා තමා ද පත් කළ යුතු බව මංගල සමරවීර අවධාරණය කර තිබේ.
ඒ අනුව පක්ෂයේ අන්තර්කාලින නායකත්වයට කරු ජයසුරියට ලබා දීමට වර්තමාන පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා එකඟතාව පළ කළත් පසුව එය ක්‍රියාත්මක කරවීම එජාප නායකයා විසින් මඟ හරින ලදී.
අනතුරුව එළඹෙන පළාත් සභා මැතිවරණය අවසාන වන තෙක් තමාම නායකත්වයේ සිටින බව ඔහු දැනුම් දුන්න ද රනිල්ගේ නායකත්වය යටතේ පළාත් සභා මැතිවරණයට මුහුණ දීමට පාක්ෂිකයන් තුළ කැමැත්තක් නොමැති බව ද වාර්තා වේ.
පසුගිය මැතිවරණ කාලයේ පක්ෂ දේශපාලනයෙන් සමුගන්නා බව මංගල සමරවීර ප්‍රකාශ කළ ද ඔහුගේ දේශපාලන සංවිධානය අපේක්ෂිත තරම් ජනතා ආකර්ෂණීය නොමැති බව ද දැනගන්නට තිබේ.