දිවයින පුරා විදුලි විසන්ධි වීමට විදුලිබල අමාත්‍යාංශය වගකිව යුතු බවට ඒ සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ කමිටු වාර්තාවේ සඳහන් වන්නේ නම් තමා සිය අමාත‍්‍ය ධුරයෙන් ඉල්ලා අස්වෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි.
මාතර අකුරැස්ස ප්‍රදේශයේ පැවති ජන හමුවකදී ඔහු මේ බව පැවසීය.
“විදුලිබල අමාත්‍යාංශයේ මම තාම ඉගෙන ගන්නවා..ඉගෙනගන්නකොටම ලයිට් ගියා..එදා දවල්ම මම කිවුවා කමිටුවක් පත් කරන්න කියලා..සඳුදා වෙනකොට මම හිතනවා එහි වාර්තාව ලැබෙයි කියලා..”
“ඒ වාර්තාවේ කියනවා නම් විදුලිබල අමාත්‍යාංශයේ තමයි වැරැද්ද කියලා අඟහරුවාදා ඉදන් ඩලස් අලහප්පෙරුම නෙවෙයි විදුලිබල ඇමති..”