ප්‍රවාහන සේවා දියුණු කරන්න මහා ව්‍යාපෘති හදන්න කලින් පාරේ දුවන බස් ටික හෝදලා පිරිසිදු කරන්න! – ජනපති

August 19, 2020 at 6:27 am | by emanisa.lk

ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීම ආරම්භ කළ යුත්තේ බස් රථය සෝදා පිරිසිදු කිරීමේ පියවරේ පටන්ම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ප්‍රවාහන බලධාරීන් සමඟ ඊයේ (18) පැවති සාකච්ඡාවකදීය.

ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ වාහන නියාමන, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි, මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශයේ ඉදිරි සැලසුම් පිළිබඳ අද දහවල් ජනාධිපති කාර්යාලයේ දී සාකච්ඡාවක් පැවැත්විය.

එහිදී ජනාධිපතිවරයා බලධාරින් හමුවේ පැවසුවේ යහපත් මානසිකත්වයකින් පොදු ප්‍රවාහන සේවාවල ගමන් කිරීමට මගීන්ට ඉඩ සලසන ලෙසය.

බස් රථය සෝදා පිරිසිදු කර මගීන්ට අසුන්ගෙන යාමට සැලසීම හෙට (19) සිටම ආරම්භ කරන්නැයි ද ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබේ.

මෝටර් රථයෙන් පැමිණ එය නතර කර තබා බස් රථයෙන් සේවා ස්ථානයට ගමන් කිරීමේ PARK AND DRIVE ක්‍රමය කඩිනමින් ක්‍රියාත්මත කර මාර්ග තදබදය විසඳීමේ අවශ්‍යයතාවද ජනාධිපතිවරයා නිලධාරීන් වෙත පෙන්වා දී ඇත.

දුම්රිය සහ බස් රථ ඒකාබද්ධ සේවා සහ බස් රථ ඒකාබද්ධ ධාවන කාලසටහන නොපමාව ආරම්භ කරන ලෙස අදාළ සාකච්ඡාවේදී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රවාහන බලධාරීන්ට උපදෙස්  දී තිබේ.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දුෂණ සහ අක්‍රමිකතාවන්ගෙන් තොර ආයතනයක් බවට පත් කිරීමට ගතයුතු ක්‍රියාමාර්ග ද දීර්ඝ වශයෙන් මෙහිදී අවධානයට ලක්වූ බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස