නාමල් ඇමතිතුමාට අනාගතයේ මේ රට කරවන්න දැනුම ශක්තිය තියෙනවා! – චමල්

August 14, 2020 at 1:49 pm | by emanisa.lk

ආසියාවේ ළාබාලතම ක්‍රීඩා ඇමතිවරයා නාමල් රාජපක්ෂ බව ඇමති චමල් රාජපක්ෂ පවසයි.

අපේ රටේ මෙතෙක් පහළ වූ ක්‍රීඩා ඇමතිවරු බොහෝ දෙනෙකු බෝලයක් අතින් නො ඇල්ලූ අය වුව ද නාමල් රාජපක්ෂ ශ්‍රී ලංකා රගර් කණ්ඩායමේ නායකත්වය ඉසිලූ නියම කපිතාන්වරයෙකු බව ද ඔහු සඳහන් කළේය.

වසර 10ක පාර්ලිමේන්තු දේශපාලන අත්දැකීම් සහිතව ඇමති ධුරයට පැමිණෙන නාමල් රාජපක්ෂ අනාගතයේ මේ රට පාලනයට දැනුම ශක්තිය ඇති තරුණ නායකයකු බව ද පෙන්වා දුන්නේය.

ඇමති චමල් රාජපක්ෂ සහ නාමල් රාජපක්ෂ පිළිගැනීම සඳහා ඊයේ (13) හම්බන්තොට සංවිධානය කර තිබූ උත්සවයකට එකතු වෙමින් ඔහු මේ බව සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *