වර්තමාන ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට කෙතරම් විධිමත් ලෙස වැඩ කොටස් බෙදා වෙන්කර ලබා දුන්න ද එහි කටයුතුවල සාර්ථක අසාර්ථකභාවය රඳා පවතින්නේ ඔවුන්ගේ ක්‍රියාකාරීත්වය මත බව පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමි පවසයි.
දේශපාලනය ඉක්මවා ගිය අභිලාෂ පෙරදැරිව ජනතාව මෙම ආණ්ඩුව පත්කළ බව සඳහන් කළ එහිමියන් දිවාරෑ නොබලා වැඩ කරමින් ජනතා අභිලාෂ ඉටු කිරීමේ වගකීමක් නව ඇමති මණ්ඩලයට ඇතැයි ද සඳහන් කළහ.
තමන් වහන්සේ උපදින සමයේ පටන් මේ රට දියුණු වෙමින් පවතින රටක් ලෙස පැවති බවත් හඬන දොඩන එම යුගය නිමා කර ජනතාවට හොඳට හුස්ම ගෙන සිනාමුසු මුහුණින් කටයුතු කළ හැකි රටක් ලබා දීමේ වගකීමක් නව ඇමති මණ්ඩලයට ඇතැයි ද ඔවුන්ගේ කටයුතු පිළිබඳ තමන් සුපරික්ෂාවෙන් සිටින බවත් ඇල්ලේ ගුණවංශ හිමි අවධාරණය කළේය.