සමගි ජන බලවේගය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේරී පත් වූ පාඨලී චම්පික රණවක විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ධුරය ගැනීම සඳහා උත්සාහ කරන බව වාර්තා වේ.
ඔහු එය තමන්ට අවශ්‍ය බව දැනටමත් දැනුම් දී ඇතැයිද පැවසෙයි. ඊට අමතරව ජාතික හෙළ උරුමයට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරයක් බලාපොරොත්තුවෙන් සිටින බව ද එම පක්ෂ ආරංචි මාර්ග කියයි. පාඨලී හැරුණු විට මෙවර ඔහුගේ පක්ෂයේ සියලු අපේක්ෂකයන් පරාජයට පත්ව තිබේ.
කෙසේ නමුත් විපක්ෂයේ සංවිධායක ධුරය සඳහා ගයන්ත කරුණාතිලක පත් කිරීමේ සැලසුමක් ඇති බව ද හර්ෂ ද සිල්වා සහ සරත් ෆොන්සේකා ද එම ධුරය බලාපොරොත්තුවෙන් සිටින බව ද වාර්තා වෙයි.