සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්න ආණ්ඩුවට එකතු වීමේ උත්සාහයක් පවතින බවට පුවතක් සමාජ මාධ්‍යවල පැතිර යයි.
කෙසේ වුවද ආණ්ඩුවට හිතැති සමාජමාධ්‍ය කණ්ඩායම් මේ පිළිබඳ සිය දැඩි විරෝධය සහ පිළිකුළ ප්‍රකාශ කරමින් ඇති අතර ඇතැමුන් පවසා ඇත්තේ පොහොට්ටුවට රාජිත එකතු කරගතහොත් ඊළඟ මැතිවරණයේ දී සිය ඡන්දය බත්තරමුල්ලේ සීලරතන හිමිට ලබා දෙන බව පවසා තිබේ.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ධුරයට පත් වූ අවස්ථාවේ ද රාජිත සේනාරත්න ආණ්ඩුව සමග එකතු වීම සඳහා දැඩි උත්සාහයක් ගත් අතර ඊට පොදුජන පෙරමුණු ආණ්ඩුවේ කිසිදු කැමැත්තක් නොලැබුණු නිසා ව්‍යවර්ථ වූ බව සඳහන් විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට සුබ පැතීමට ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණීමට උත්සාහ කළ රාජිත ගේට්ටුව අසලින්ම නැවත හරවා යැවූ බව ද වාර්තා විය.
කළුතර දිස්ත්‍රික් සමගි ජන බලවේග ලැයිස්තුවේ ප්‍රථමයා ලෙස ජයගත් රාජිත සේනාරත්න නැවත ආණ්ඩුව සමග එකතු වීමේ උත්සාහයක් පිළිබඳ වාර්තා වන්නේ මේ පසුබිමේය.
කෙසේ වුවද මේ පුවත පිළිබඳ ෆේස්බුක් සටහනක් තබමින් රාජිත පවසා ඇත්තේ “මව්බිමට පෙම්බදින සියලු මිනිසුන්ට ලේ වලින් ලියා දන්වමි.. ………මරණය අබියස උව, පාවා නොදෙමි අරගලය…… .” යනුවෙනි.