චෝදනා කිහිපයක් මත ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න පවසයි.
2013 වසරේ දී කොළඹ අපරාධ කොට්ඨාසය විසින් හිටපු නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ඇතුළු 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබුණි.
එහිදී ගම්පහ, කළගෙඩිහේන ප්‍රදේශයේ සඟවා තිබූ ආයුධ තොගයක් සොයාගත් බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබිණි.
ඒ සඳහා සාක්ෂි ලබා දී තිබූ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සහ ආයුධ හමුවූ නිවසේ හිමිකරු සහ බිරිඳ යළි අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් මීට පෙර ලබාදුන් සාක්ෂි අසත්‍ය බව පවසා තිබේ.
එහිදී අනාවරණය වී ඇත්තේ ශානි අබේසේකර විසින් ම එම ස්ථානයට ආයුධ දමා ඒවා ඔහු විසින් සොයා ගත් බවට අසත්‍ය වාර්තාවක් සකස් කර ඇති බවය.
ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාගේ නියෝග මත කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කොට ශානි අබේසේකර අත්අඩංගුවට ගෙන තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් දෙදෙනෙකු පිළිබඳ කරුණු අනාවරණය වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.