රාජිතගේ දකුණු අත කළුතර දී පොහොට්ටුවට එක්වෙයි!

July 27, 2020 at 6:36 pm | by emanisa.lk

බස්නාහිර පළාත් සභාවේ හිටපු අධ්‍යාපන ඇමති රංජිත් සෝමවංශ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගත්තේය.

ඔහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අගලවත්ත ආසනයේ සංවිධායකවරයා ද වෙයි. රංජිත් සෝමවංශ ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායක අගමැති මහින්ද රාජපක්ෂ වෙතින් පක්ෂ සාමාජිකත්වය ලබා ගත්තේ කළුතර දී පැවති ජන හමුවකදීය.

රංජිත් සෝමවංශ හිටපු අමාත්‍ය රාජිත සේනාරත්නගේ සමීපතම හිතවතෙකු ලෙස සැලකෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස