පොහොය දිනවල උපකාරක පංති සම්පූර්ණයෙන් නතර කිරීමට උපකාරක පංති ගුරුවරුන් කැමැත්ත පළ කර තිබේ.
උපකාරක පංති ඉරිදා උදය කාලය තුළ නතර කිරීම සඳහා පවතින ඉඩකඩ සම්බන්ධයෙන් විමර්ශනය කිරීමට ද ගුරුවරුන් එකඟතාව පල කර ඇති බව වාර්තා වේ.
කොවිඩ් නයින්ටීන් නිසා වසා දැමුණු උපකාරක පංති යළි ඇරඹීමේ දී ගුරුවරුන් සහ සිසුන් මුහුණදෙන ගැටලු සම්බන්ධයෙන් ඊයේ (29) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සමග පැවති සාකච්ඡාවකදී මෙම එකඟතාව පළ කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.