ටියුෂන් කියන්නේ පාසල් යෑම බොරු වැඩක් කළ අධ්‍යාපනයේ යහගුණ විනාශ කළ පිළිකාවක්! ජාතික අධ්‍යාපනය රැකගන්න නම් ටියුෂන් තහනම් කළ යුතුයි! – හිටපු අගරදගුරුතුමා

December 22, 2019 at 5:56 pm | by emanisa.lk

ජාතික අධ්‍යාපනය රැකගැනීමට නම් උපකාරක පන්ති ක්‍රමය අහෝසි කළ යුතු යැයි ප්‍රවීණ අධ්‍යාපන විද්‍යාවේදියකු හැටියට සැලකෙන ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමා පවසයි.

මෙම තීන්දුව ගතහැක්කේ ඒකාධිපතියකුට පමණක් යැයි ද එය ඒ තරමටම පිළිකාවක් සේ පැතිරී ගොස් ඇතැයි ද හෙතෙම අවධාරණය කළේය.

ලොකු පොඩි භේදයකින් තොරව නගරයේත් ගමේත් පාසල් දරුවන් මේ වනවිට ටියුෂන් පංති කරා ඇදීයන්නේ යැයි කී හිටපු අගරදගුරුතුමා එය තනිකරම මාෆියාවක්යැයි ද චෝදනා කළේය.

මෙම පරිසරයෙහි පාසල් යෑම බොරු වැඩක් වී ඇතැයි ද රජය කඩිනම් අවධානයක් යොමු නොකළහොත් අධ්‍යාපනයෙහි සියලු සාරාර්ථ ඉක්මනින්ම විනාශ මුඛයට යනු ඇතැයි ද හෙතෙම අණතුරු ඇඟවූයේය.

පාසල් ක්‍රමය ශක්තිමත් කර දුර්වල සිසුන්ට සවස් පංති පවත්වන ක්‍රමයක් නිර්මාණය කළ යුතු යැයි ද ඒ සඳහා ගුරුවරුන් කැපවිය යුතු යැයි ද උන්වහන්සේ කීහ.

අධ්‍යාපනය ලබාදීමේ අයිතිය රාජ්‍ය අංශයට පමණක් සීමා විය යුතු නැති නමුත් අධ්‍යාපනයට නිසි ප්‍රමිතියක් තිබීම අත්‍යවශ්‍ය යැයි ද හිටපු අගරදගුරුතුා පැවැසීය.

රාජ්‍ය හෝ පෞද්ගලික භේදයකින් තොරව අධ්‍යාපනයට ප්‍රමිතියක් සකස් කළහොත් ටියුෂන් සංස්කෘතියෙන් අධ්‍යාපනය විනාශ වීම වලක්වාගත හැකි යැයි ඔස්වල්ඩ් ගෝමිස් හිටපු අගරදගුරුතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස