ඉකුත් කාලයේ බලයට පත්වූ රජයන් විසින් විවිධ ක්ෂේත්ර සඳහා ක්රියාත්මක කරන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් ඛනිජතෙල් සංස්ථාවට රජයෙන් ලැබිය යුතු රු. කෝටි 33,400ක පමණ මුදලක් ලැබී නැතැයි ඛනිජ තෙල් සංස්ථා වාර්තා පෙන්වා දෙයි.
පසුගිය කාල සීමාව තුළ පත්වූ විවිධ රජයන් යටතේ ඉකුත් මාර්තු 31 වැනිදා දක්වා දෙන ලද ඉන්ධන සහනාධාර වෙනුවෙන් මෙම මුදල ලැබිය යුතුව ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.
ප්රවාහන, විදුලිබල සහ ධීවර යන ක්ෂේත්ර සඳහා භාවිත කරන ලද ඉන්ධන වෙනුවෙන් මෙම සහනාධාර ලබාදී ඇති බවද එම වාර්තා පෙන්වා දෙයි.