කොරෝනා ආසාධිතයින් ධීවර යාත්‍රා ආධාරයෙන් ඉන්දියාව ඇතුළු අනෙක් රටවලින් අම්බලන්ගොඩට සංක්රමණයවීම වැළැක්වීමට ධීවරයින් දැනුම්වත් කිරීමේ රතු නිවේදන අම්බලන්ගොඩ පොලීසිය අම්බලන්ගොඩ ධීවර වරායේ ප්‍රසිද්ධ ස්ථානවල ප්‍රදර්ශනය කරයි.
නීත්‍යනුකූලව පැමිණිමට නොහැකි ඉන්දියාව ඇතුලු රටවල් රැසකම කොරෝනා ආසාධිතයින් විවිධ උපක්‍රම භාවිත කරමින් මුහුදු යන මෙරට ධීවරයින් රවටා ගෙන ලංකාවට සංක්‍රමණයවීමට දරන උත්සාහයන් පිළිබඳව ලැබී ඇති තොරතුරු අනුව මේ රතු නිවේදන ධීවරයින්ට නිකුත් කර තිබේ.