දකුණු අප්‍රිකාවේ පැවැති කොටි සමරු උත්සවය සඳහා හිටපු මානව හිමිකම් කොමසාරිස් නවි පිල්ලේ පැමිණ ඇත්තේ කොටි ධජයේ වර්ණ ඇතුළත් සාරියකින් සැරසී බව හෙළි වී ඇත.
තමිල් සංගම් නමැති කොටි සංවිධානය විසින් මෙහෙයවූ මෙම කොටි සමරු උත්සවය අමතා ප්‍රකාශයක් කළ නවි පිල්ලේ වන්නි මෙහෙයුමේදී ද්‍රවිඩයන් 146,000ක් ඝාතනය වූ බව පවසා තිබේ.
මානව හිමිකම් කොමසාරිස් ධුරය දරද්දී මෙරටට පැමිණ ඇය නිදහස් චතුරස්රයේ පිහිටි සිංහ කොඩිය හා ඩී. එස්. පිළිරුව ගැලවිය යුතු බව පැවසුවාය.
ශ්‍රී ලංකා හමුදාව යුද අපරාධ කළ බව ඇය මානව හිමිකම් සමුළුව අමතමින් සඳහන් කර තිබිණි.