පුත්තලම සහ පාලාවිය ප්රදේශයේ පිහිටි කතෝලික දේවස්ථාන දෙකක් ඉදිරිපිට තිබෙන ප්රතිමා දෙකක ආවරණවලට ගල් ප්රහාරයක් එල්ල කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇති බව පුත්තලම පොලිසිය කියයි.
පසුගිය 18 වැනිදා රාත්රියේ මෙම ප්රහාරය එල්ල වී තිබිණි.
පාලාවිය කතෝලික දේවස්ථානය ඉදිරිපිට සහ පුත්තලම අනුරාධපුර මාර්ගයේ පිහිටි කතෝලික ප්රතිමා දෙකක ආවරණවලට මෙසේ ගල් ප්රහාරයක් එල්ල කර හානි සිදු කර තිබිණි. එහෙත් එම ප්රහාරවලින් දේව ප්රතිමාවලට හානියක් සිදු වී නොමැති බව පොලිසිය කියයි.
මීට පෙර අවස්ථාවකදීද පාලාවියේ පිහිටි කතෝලික දේවස්ථානයක තැන්පත් කර තිබුණු ප්රතිමා කීපයක් කඩා හානි කර තිබිණි. ප්රදේශය තුළ සැරිසරන උන්මන්තකයකු විසින් එම ක්රියාව සිදු කර තිබූ බව පොලිසිය විසින් සිදු කරන ලද විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.
පුත්තලමේ සහ පාලාවියේ දී සිදු වී ඇති සිද්ධීන් අතර සම්බන්ධයක් ඇද්ද යන්න සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇත. පොලිසියට අමතරව යුද හමුදා බුද්ධි අංශය විසින්ද මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කර ඇත.