සංඝ කල්ලි බුදුන් දවසත් හිටියා: අදත් ඉන්නවා! පරම්පරාගත බෞද්ධ මගේ ලේ කකියනවා! – මංගල (video)

May 18, 2020 at 2:41 pm | by emanisa.lk

සම්බුද්ධ ශාසනය තුළ සංඝ කල්ලි අද පමණක් නොව බුදුන් දවස පවා සිටි බව හිටපු මුදල් ඇමති මංගල සමරවීර පවසයි.

බුදුරජාණන් වහන්සේගේ කාලයේ දී ද එදා සිටි භික්ෂූන් 1250 අතරින් 750ක් එකතු කරගෙන දේවදත්‍ෙ සංඝ කල්ලියක් බිහි කරගෙන සිටි බවත් ඔවුන්ට උදව් කිරීමට අජාසත්තලා ද සිටි බවත් ශාසන ඉතිහාසය දන්නා ඕනෑම අයෙක් දන්නා බවද ඔහු සඳහන් කරයි.

එසේම පරාක්‍රමබාහු රජ සමයේ හැට දහසක පමණ සංඝ කල්ලියක් හණ ගසා සසුනින් නෙරපා දැමූ බව ද හෙතෙම පවසයි.

අද වන විට සමාජගත වී ඇත්තේ බුදුන් වහන්සේගේ දර්ශනය නොව විකෘති අදහස් බවද පැවසූ හිටපු ඇමැතිවරයා එය සිදුව ඇත්තේ සංඝ කල්ලි නිසා බව ද අවධාරණය කරයි.

එම සංඝ කල්ලිය පරාජය කිරීමට බෞද්ධයන් මෙන්ම බෞද්ධ දර්ශනය වෙනුවෙන් පෙනී සිටින සැබෑ භික්ෂූන් වහන්සේලා ද එකතු විය යුතු බවත් පරම්පරාගත බෞද්ධයකු ලෙස තමන්ට බෞද්ධ දර්ශනය පිළිබඳ විශාල කැක්කුමක් ඇති බවත් මංගල සමරවීර වැඩි දුරටත් පවසයි.

සමාජමාධ්‍ය වෙත නිකුත් කර ඇති එම වීඩියෝවෙහි හිටපු ඇමතිවරයාට ඉහළින් බුදු පිළිම පෙළක් ද දැකගත හැකිය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස