පූර්ව මැතිවරණ කාලය තුළ කැබිනට් අමාත්‍යාංශ කිහිපයකට නව ලේකම්වරුන් පත් කිරීම නීති විරෝධී නොවන බව මැතිවරණ ලේකම් කාර්යාලය ප්‍රකාශ කරයි. එලෙස අමාත්‍යාංශ සඳහා ලේකම්වරුන් පත් කිරීම හෝ වෙනස් කිරීම සිදුවිය හැකි බව මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක පවසයි.
මීට පෙර පැවති මැතිවරණ කාලවලදී ද මෙවැනි සිදුවීම් ඇතිවී තිබෙන බවද කොමසාරිස් ජනරාල්වරයා සඳහන් කරයි. කැබිනට් අමාත්‍යාංශවල ලේකම්වරුන් වෙනස් කිරීම හෝ පත් කිරීම සම්බන්ධ ප්‍රායෝගික ගැටලු ඇති අතර, යමකු පූර්ව මැතිවරණ කාලය තුළ විශ්‍රාම ගියහොත් එම පුරප්පාඩු පිරවිය හැකිය.
අමාත්‍යාංශ 07ක් සඳහා නව ලේකම්වරු පසුගිය 12 වැනිදා පත්කෙරුණු අතර, පූර්ව මැතිවරණ කාලයේදී එලෙස පත්කිරීම් සිදුකිරීම නීතිවිරෝධී බවට ඇතැම් පිරිස් විසින් චෝදනා කර තිබිණි.