ඇදිරි නීතිය හේතුවෙන් තම නිවෙස්වලට යා නොහැකිව බස්නාහිර පළාතේ සිරවී සිටින පුද්ගලයින් නැවත ගම් බිම් කරා පිටත් කර යැවීම අද (02) සිට ආරම්භ කෙරෙයි.
හඳුනාගත් මෙහි පළමු අදියර ලෙස කැලණිය පොලිස් කොට්ඨාසයේ සිරවී සිටින ගැබිනි මාතාවන්, දිර්ඝ කාලීන රෝගීන් සහ දරුවන් ඇතුළු පිරිසක් ඔවුන්ගේ ගම් බිම් වෙත පිටත් කර යැවීමට නියමිතය.
සෑම පුද්ගලයෙකුම බස්නාහිර පළාතේ සිට ගම් බිම් වෙත පිටත් කර යැවෙන්නේ වෛද්‍ය පරීක්ෂයකින් අනතුරුවය. ඔවුන් ප්‍රවාහනය කිරීම පොලිස් ආරක්ෂාව යටතේ ශී‍්‍ර ලංගම බස් රථ මගින් සිදු කිරීමට නියමිතය.
මෙම මෙහෙයුම බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් විසින් අධීක්ෂණය කරයි.