මහ ඡන්දෙන් ජවිපෙට තවත් අන්ත පරාජයක් නියතයි! මට නම් නායකත්වය එපා! ජවිපෙ නායකත්වය ලාල්කාන්ත අනුර ඇඟේම ගසයි!

December 29, 2019 at 10:28 am | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ අභ්‍යන්තරයේ කිසිදු නායකත්ව අර්බුදයක් නොමැති බව එම පක්ෂයේ සාමාජික ලාල් කාන්ත පවසයි.

පක්ෂ නායකත්වයෙන් අනුර කුමාර දිසානයක ඉවත්වන බවට සිදුවන ප්‍රචාර අසත්‍ය බවද හෙතෙම සඳහන් කළේය.

එළඹෙන මහ මැතිවරණයේදී අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් ජාතික ජන බලවේගය සංවිධානයෙන් තරග කරන බව ඔහු වැඩිදුරටත් කීය.

එළඹන මහ මැතිවරණයේ දී අන්ත පරාජයක් අබියස සිටින ජවිපෙ නායකත්වය ලාල්කාන්තට පැටවීමේ අනුර දිසානායකගේ උත්සාහය අසාර්ථක වී ඇති බව එම පක්ෂ අභ්‍යන්තර ආරංචි මාර්ග පවසයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස