ජනාධිපති මාධ්‍ය අධ්යක්ෂ ලෙස ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක පත් කර තිබේ.
ඔහු මෙයට පෙර මාධ්‍ය ආයතන ගණනාවත ප්‍රධානියකු ලෙස මෙන්ම මෙන්ම මෙරට එක්සත් ජාතීන්ගේ සංවිධාන කාර්යාලයේ මාධ්‍ය ප්‍රධානියකු ලෙස ද කටයුතු කළේය.
පසුගිය ත්‍රස්තවාදී ගැටුම් සමයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඇතැම් කණ්ඩායම් රටට එරෙහි තීන්දු තීරණ ගන්නා අවස්ථාවල මොහාන් සමරනායක ඊට එරෙහිව කටයුතු කළ අදීන නිලධාරියකු ලෙස ප්රකටය.
ඊට අමතවර චමින්ද කරුණාරත්න, මොහාන් කරුණාරත්න සහ විදර්ශන බණ්ඩාර නියෝජ්‍ය මාධ්‍ය අධ්යක්ෂවරුන් ලෙස පත්කර තිබේ.
ඉදිරියේදී ජනාධිපතිවරයාගේ සියලු කටයුතු මෙම කණ්ඩායම ඔස්සේ සිදුවනු ඇත.