මාකොළ ප්‍රදේශයේ නිවසක ඇති දැඩි වූ බල්ලකු මිය ගිය අවස්ථාවේ මහා සංඝ රත්නය වඩම්මා පාංශුකූලය දී පිං අනුමෝදන් කර ගෞරවාන්විත ලෙස අවසන් කටයුතු කළ පුවතක් වාර්තා වෙයි.
මාකොළ රණසිංහ නම් අයකුගේ නිවසේ සිටි සිඩ්නි නමැති රොට්වයලර් වර්ගයේ බල්ලා පවුලේ සියලු දෙනාගේ ආදරය මැද ජීවත් විය.
පසුගියදා එම බල්ලා මරණයට පත්වීම පවුලේ සියලුදෙනාගේ කනගාටුවට හේතු විය. සිය සුරතලාට මරණයෙන් මතු ලබාදිය හැකි එකම දෙය පින බැවින් මහා සංඝ රත්නය කැඳවා පාංශුකූලය දී පැන් වඩා එම ආගමික චාරිත්‍ර ඉටු කිරීමට පවුලේ අය කටයුතු කළහ.
සමාජයේ ගුණ යහපත්කම් වටිනාකම් අහෝසි වී සංවේදීභාවය නැති යන පසුබිමක මෙවැනි දසුනක් දැකීම පවා සැනසිල්ලකි. භික්ෂූන් වහන්සේ නමක් අපවත් වූ අවස්ථාවේ උතුරේ දෙමළ ජාතික සන්ධානය ඉතාම අශිෂ්ට ලෙස කටයුතු කරන පසුබිමක දකුණේ මෙවැන්නක් සිදුවීම සමාජමාධ්‍යවල කතාබහට ලක්ව තිබේ.
