88-89 ජවිපෙ රට ඇල්ලුවා නම් මේක අද ඉතියෝපියාවක්…! – අරගල නායිකා දමිතා…

February 22, 2023 at 7:15 pm | by emanisa.lk

ජනතා විමුක්ති පෙරමුණ 88-89 කාලයේ දියත් කළ දේශප්‍රේමී සටනට ඉඩ දුන්නේ නම් මේ රට ඉතියෝපියාවක් වන්නේ එදා බව අරගල නායිකා, නිලි දමිතා අබේරත්න පවසයි.

එදා ඒ ම්ලේච්ඡත්වය රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිතුමා මර්දනය කළ බවයි, ඇය සඳහන් කළේ.

එදා ජවිපෙ මිනී මරද්දි එය මර්දනය කළ පුද්ගලයාට මිනි මරුවා යැයි චෝදනා කිරීම අසාධාරණ බවත් එදා සිදු වූ සියලු ඝාතනවලට වගකිව යුත්තේ ජවිපෙ බවත් දමිතා අබේරත්න අවධාරණය කළේය.

සමගි ජන බලවේග ජන හමුවක් අමතමින් ඇය මේ බව කීය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *