අධ්‍යාපන ප්‍රතිපත්ති තුළ දරුවන් විශිෂ්ට ලෙස විභාග සමත්වීම අවශ්‍යයි මෙන්ම ඔවුන්ට පැහැදිලි අනාගතයක් වෙනුවෙන් මං පෙත් විවර කරදීම ද අත්‍යාවශ්‍ය බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.
ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කළේ කඩවත මහාමායා බාලිකා විද්‍යාලයේ නව කී‍්‍රඩාගාරය සහිත දෙමහල් ගොඩනැඟිල්ලට මුල්ගල තැබිමේ අවස්ථාවට අද (05) පෙරවරුවේ එක් වෙමිනි.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ ශිෂ්‍යත්ව විභාගය අහෝසි කරමින් නව අධ්‍යාන ක්‍රමවේදයක් හඳුන්වාදීමට පියවර ගෙන තිබෙන්නේ දරුවන්ට තම දක්ෂතා අනුව අනාගතය ගොඩනඟාගැනීමට අවස්ථාව සලසාදීම වෙනුවෙන් බවයි.
05 වසර ශිෂ්‍යත්ව විභාගය වෙනුවට 08 වසරේ දී විභාගයක් පවත්වා තම දක්ෂතාව අනුව තෝරාගත් විෂය ක්ෂේත්රයක් ඔස්සේ දරුවන්ට ඉහළ අධ්‍යාපනය ලැබීමට නව වැඩපිළිවෙළ තුළින් අවස්ථාව ලැබෙන අතර, පාසල් වර්ගීකරණයක් සිදුකරමින් එම පාසල් අදාළ විශේෂිත විෂය ක්ෂේත්රය සඳහා පුළුල් කිරීමට අපේක්ෂා කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
නවෝත්පාදන සහ හරිත ආර්ථිකයට ගැලපෙන අධ්‍යාපන ක්‍රමවේදයකට දරුවන් යොමු කිරීම මෙන්ම කලා උපාධිය ලබාගෙන රැකියා ඉල්ලා දරුවන් මහ පාරේ උද්ඝෝෂණ කරන යුගය නිමා කිරීම නව වැඩපිළිවෙළේ අරමුණ බව ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ ය.