වවුනියාවේ පහේ හපනියට හමුදාවෙන් නිවසක්!

February 8, 2019 at 2:52 am | by admin

2018 පහ වසර ශිෂ්‍යත්වයෙන් වවුනියාවෙන් වැඩිම ලකුණු ලබාගත් සිසුවියන් දෙදෙනා අතරින් දිළිඳු පවුලකට අයත් ශිෂ්‍යාවට නව නිවසක් තනා දීමට යුද හමුදාව ඉතිරිපත් වී සිටියි.

වන්නි යුද හමුදා ආරක්ෂක සේනාංක ආඥාපති මේජර් ජනරාල් කුමුදු පෙරේරා මහතාගේ අදහසකට අනුව මෙම නිවස ඉදිකිරීම සඳහා පසුගියදා මුල්ගල තබනු ලැබීය.

ඉතාමත් අසීරුතා මැද ජීවත් වන 3 වන පටුමග, ගනේෂපුරම්, වව්නියාව ලිපිනයේ පදිංචි ආර්. නිවර්සනා දැරියට හරිහමන් නිවසක් නොමැති බැව් ආඥාපතවරයාට දැන ගැනීමට ලැබීමෙන් පසු එ් පිළිබඳව සොයා බැලීමට ඇගේ නිවසට ගිය අවස්ථාවේදී නිවසක් තනාදීමට කටයුතු කරන බව දන්වා නැවත පැමිණ ඇත.

පසුව පරිත්‍යාගශිලි කුරුණෑගල මලියදේව විද්‍යාලයේ ආදී සිසුවකු වන දැනට ස්වීඩනයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයට අයත් ආයතනයක සේවය කරනු ලබන චන්දන අලහකෝන් මහතා වෙත ආඥාපතිවරයා විසින් දැනුම්දීමෙන් පසුව නිවර්සනා දැරියගේ නිවස පිළිබඳව සිහිනය මල්ඵල ගන්වමින් චන්දන අලහකෝන් මහතා විසින් නිවස ඉදිකිරීම සඳහා මූල්‍යමය දායකත්වය ලබාදීමට කැමැත්ත පළ කර ඇති අතර, නිවස ඉදිකිරීම සඳහා සම්පූර්ණ ශ‍්‍රමදායකත්වය ආරක්ෂක සේනා මුලස්ථානයේ නිලධාරීන් විසින් දරනු ලබයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *