448කට මැති ඇමැති විශ්‍රාම වැටුප්…! මාසික වියදම දෙකෝටි හැට ලක්ෂය පනී…!

March 5, 2023 at 11:42 am | by emanisa.lk

විශ්‍රාමික පාර්ලිමේන්තු මන්ත්‍රීන් හා ඇමැතිවරුන් 260 දෙනකුට දැනට මාසිකව විශ්‍රාම වැටුප් ගෙවන බව පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි. මේ සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් එක්කෝටි හැටනව ලක්ෂයක් පමණ වෙයි.

එසේ ම මියගිය මන්ත්‍රීන්ගේ වැන්දඹුවන් 176 දෙනකු වෙනුවෙන්ද විශ්‍රාම වැටුප් ගෙවීමක් සිදු කරන බව වාර්තා වෙයි. ඒ සඳහා මාසිකව වැය කරන මුදල රුපියල් අනූහය ලක්ෂයකි.

ඊට අමතරව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූර දැරූ මියගිය මන්ත්‍රීන් හෝ මන්ත්‍රිනියන්ගේ වයස අවුරුදු 18ට අඩු හෝ ආබාධිත තත්ත්වයේ සිටින දරුවන් 6 දෙනකුට ද මාසිකව දීමනාවක් ගෙවන බව වාර්තා වෙයි. මේ අනුව මාසිකව ප්‍රතිලාභ ලබන සම්පූර්ණ පිරිස 448 දෙනෙකි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *