නැ. ජැටියේ ගැටළුව රාජතාන්ත්‍රික ගැටුමක් වෙයි…! ලංකාවේ රෝ මෙහෙයුම් වේගවත් වෙයි…!

February 7, 2021 at 10:07 am | by emanisa.lk

කොළඹ වරායේ නැගෙනහිර ජැටියේ පාලනය මුළුමනින්ම වරාය අධිකාරියට ලබාදීම නිසා ඉන්දීය රෝ බුද්ධි සේවාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් දියත් කර ඇති මෙහෙයුම වැඩි කර ඇතැයි බුද්ධි අංශ ආරංචි මාර්ග සඳහන් කරයි.

නැගෙනහිර ජැටිය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මතු වී ඇති අර්බුදය නිසා ඉන්දියාවේ ශ්‍රී ලංකා තානාපති කැබිනට් බලතල ඇති තානාපතිවරයකු ලෙස පිළිගැනීම ඉන්දීය රජය ප‍්‍රතික්ෂේප කර ඇත.

තිරිකුණාමල තෙල් ටැංකි සංකීර්ණයේ ඇති ඉන්දියන් ඔයිල් සමාගමට පවරා ඇති තෙල් ටැංකි දෙකක ඉන්ධන ගබඩා කිරීම සඳහා ශ්‍රී ලංකාවට ලබාදෙන කළ ඉල්ලීමට ද ඉන්දීය රජය මෙතෙක් ප‍්‍රතිචාර දක්වා නැත.

මේ අතර මාර්තු මස ඉදිරිපත් වන ශ්‍රී ලංකාවට එරෙහි ජිනීවා මානව හිමිකම් යෝජනාවේදී ඉන්දියාව කුමන තීරණයක් ගන්නේ දැයි පිළිබඳව මෙතෙක් ශ්‍රී ලංකාවට දන්වා නැතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග පවසයි.

බුද්ධි අංශ ආරංචි මාර්ග තවදුරටත් සඳහන් කළේ මෙරට සිටින ඉන්දීය ඔත්තුකරුවන්ගේ සහයෝගයෙන් ඉන්දීය රෝ ඔත්තු සේවාව රජයේ කටයුතු විමර්ශනය කරන බවයි.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *