ජනප්‍රිය ක්‍රිකට් තරුවට සහ ඇසුරු කළ වෛද්‍යවරියට කොරෝනා….!

January 20, 2021 at 11:47 am | by emanisa.lk

ශ්‍රී ලංකා කණ්ඩායමේ ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට සහ ඔහු ඇසුරු කළ වෛද්‍යවරියකට කොරෝනා ආසාදන වී තිබේ.

විදෙස් සංචාරයක් සඳහා පිටත්ව යාමට අදාළ ක්‍රීඩකයා පෞද්ගලික රෝහලකින් PCR පරීක්ෂණයක් සිදුකර ගෙන ඇති අතර එහි දී ඔහු ආසාදිතයකු බව හඳුනා ගෙන තිබේ.

ඊට පසු ඔහු සමීපව ඇසුරු කළ හලාවත රෝහලේ වෛද්‍යවරිය අදාළ සිද්ධිය හලාවත රෝහලේ බලධාරීන්ට දැනුම් දී තිබේ.

එහි දී ඇයට සිය පෞද්ගලික රථයෙන් රෝහලට පැමිණෙන ලෙස උපදෙස් ලබා දී ඇති අතර ඈ කුළී රථයක රෝහලට ගොස් තිබේ.

වෛද්‍යවරිය තමා කොරෝනා ආශ්‍රිතයකු බව කුළී රථ රියදුරාට හෙළි කර නොමැති අතර රථයේ දී මුව ආවරණයක් පවා නොපැළඳ ගමන් කළ ඇතැයි දැනගන්නට තිබේ.

මේ නිසා ආබාධිත දරුවෙකු ද සිටින අදාළ කුළී රථ රියදුරා ද දැඩි අපහසුතාවට ලක්ව නිරෝධායනයට ලක්වීමට සිදුව ඇතැයි දැනගන්නට තිබේ.

Loading

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස