31 වෙනිදා සිට රට පුරා ජංගම අලෙවි රථ…! වෙළඳුන්ට ආරක්ෂිත ඇඳුම් කට්ටල….!

May 29, 2021 at 6:13 pm | by emanisa.lk

බේකරි නිෂ්පාදන නිවෙස් වෙත රැගෙන යන කොළඹ දිස්ත්‍රික්කයේ ජංගම වෙළඳුන්ගේ මෙන්ම පාරිභෝගික ජනතාවගේත් සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කිරීමට විශේෂ ඇදුම් කට්ටලයක් අද (28) හඳුන්වා දුන්නේය.

කොවිඩ් වසංගත රෝග තත්ත්වය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩව සංචරණ සීමා දීර්ඝ කිරීමෙන් පසු ආහාර ඇතුළු අත්‍යාවශ්‍ය දෑ ජංගම රථ මගින් නිවෙස්වෙත ලබාදීමට රජය කටයුතු කිරීමත් සමග සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දිම බස්නාහිර පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ ප්‍රධානත්වයෙන් මිරිහාන පොලිස් වසමේ බේකරි නිෂ්පාදන ජංගම වෙළඳුන් 33 දෙනකු සඳහා ශරීර ආවරණ, මුව ආවරණ, හිස් ආවරණ සහ අත් ආවරණ මෙන්ම ආහාර ඇල්ලිය හැකි විශේෂිත අඬු ද මෙහි දී බෙදා දුන්නේය.

මෙම විශේෂිත ඇදුම් කට්ටල කොළඹ දිස්ත්‍රික්කයේ සියලු පොලිස් වසම්වල ජංගම බේකරි නිෂ්පාදන අලෙවිකරුවන් වෙත බෙදා දීමට ඉදිරියේදී කටයුතු කරන බව ද පොලිසිය කියයි.

මේ අතර මැයි මස 31 වෙනිදා සිට රට පුරා ජංගම වෙළෙඳ රථ මගින් භාණ්ඩ අලෙවි කිරීමට ද කටයුතු සූදානම් කර තිබේ.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *