සංචරණ සීමා ඉන්ටවල් නෑ…! ජුනි 07 දක්වා දිගට ම ලොක්ඩවුන්…!

May 28, 2021 at 3:14 pm | by emanisa.lk

කොවිඩ් පැතිරීම වැළැක්වීම සඳහ දිවයින පුරා පනවා ඇති සංචරණ සීමා අඛණ්ඩව ජූනි 7 වැනි  දා තෙක් ක්‍රියාත්මක කරන බව රජයේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

කොවිඩ්  මර්දන කමිටුව අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ රැස්වූ අවස්ථාවේ මෙම තීරණය ගෙන ඇත.

සංචරණ සීමා මෙම 31 සහ ජුනි 4 වැනි දා ලිහිල් කිරීමට කලින් තීරණය කර තිබුණද ඉකුත් 25 වැනිදා සංචරණ සීමා ලිහිල් කිරීමේදී රට තුළ වූ වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇතැයි වාර්තා වෙයි.

සංචරණ සීමා ක්‍රියාත්මක කාලය තුළ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නිවෙස් වෙත ගෙන ගොස් අලෙවි කිරීමේ ජංගම අලෙවි සේවා සංවධානය කරන ලෙස දිසාපතිවරුනට හා ප්‍රාදේශීය ලේකම්වරුනට උපදෙස් දී ඇතැයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසයි.

ජනතාවට නිවෙස්වලින් බැහැරට නොගොස් සිය අවශ්‍යතා සපුරා ගැනිමට අවශ්‍ය වටපිටාව සකසන්නැයි ද දැනුම් දී ඇත.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස