සංචරණ සීමා ජුනි මස 07 වෙනිදා දක්වා බලාත්මක කරයි….! නිවසින් පිටට යන්න දින 03ක්….! වාහනවලින් ගමන් බිමන් බෑ….!

May 24, 2021 at 3:38 pm | by emanisa.lk

දැනට ක්‍රියාත්මක වන සංචරණ සීමා ජුනි මස 07 වෙනිදා දක්වා බලාත්මක කිරීමට තීන්දු කළ බව හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පවසයි.

පවතින කොවිඩ් ව්‍යාප්තිය සලකා බැලීමෙන් අනතුරුව දැනට මැයි 31 දක්වා පනවා තිබෙන සංචාරන සීමා මෙලෙස දීර්ඝ කර තිබේ.

තවද, මැයි 25 මැයි 31 ජුනි 4 දිනවල නිවසින් එක් අයෙකුට පමණක් අත්‍යාවශ්‍ය භාණ්ඩ ලබා ගැනීමට නිවස අසල ම වෙළඳසැලට යාමට පමණක් අවසර ලබා දී තිබේ.

මෙම කාල සීමාව තුල දී වාහනවලින් ගමන් කිරීම තහනම් වන අතර අත්‍යාවශ්‍ය භාණ්ඩ අලෙවි කරන ජංගම අලෙවි සේවා ක්‍රියාත්මක වෙයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *