හිටපු ජනාධිපති කෙනෙක් ඇමති කෙනෙක් වීම මදිකමක්! ඔබට විශේෂ තනතුරක් හදලා දෙන්නම්! – දිනුවත් අගමැතිකම නොදෙන බව කී මෛත්‍රීට මහින්ද කියයි…

August 14, 2020 at 11:32 pm | by emanisa.lk

නව තනතුරක් සාදා එය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට ලබාදෙන බව අගමැති මහින්ද රාජපක්ෂ සඳහන් කර තිබේ.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ කැබිනට් මණ්ඩලය දිවුරුම් දීමට පෙර දා හිටපු ජනාධිපතිවරයා සමග පැවති සාකච්ඡාවකදීය.

මහින්ද රාජපක්ෂ පෙන්වා දී ඇත්තේ හිටපු ජනාධිපතිවරයෙකුට කැබිනට් ඇමැති ධුරයක් දැරීම සුදුසු නොවන නිසා ව්‍යවස්ථා සංශෝධනය මගින් නව තනතුරක් ඇති කර එය හිටපු ජනාධිපතිවරයාට ලබා දෙන බවයි.

අගමැතිවරයාගේ ඉල්ලීමට හිටපු ජනාධිපතිවරයා එකඟ වී ඇති අතර ඔහුට ලබාදීමට එකඟ වී සිටි පරිසර ඇමති ධූරය මහින්ද අමරවීරට ලබාදීමට ද කරන ලද ඉල්ලීම ද අගමැතිවරයා විසින් ඉටු කර දී ඇත.

ඒ අනුව මෙවර ඇමති මණ්ඩලය පත් කිරීමේ දී හිටපු ජනාධිපතිවරයාට කිසිදු අමාත්‍යංශයක් හිමි නොවීය.

කෙසේ වුවද 2015 මහා මැතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසාන වන විට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ශ්‍රීලනිප සහ එක්සත් ජනතා නිදහස් සන්ධාන ලේකම්වරු ඉවත් කර ලිපියක් ලියමින් ප්‍රකාශ කළේ මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ තම පක්ෂය ජයග්‍රහණය කළ ද මහින්ද රාජපක්ෂට අගමැති ධුරය ලබා නොදෙන බවය.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *

මුල් බිස්ස