22ට කොට උඩ..! මන්ත්‍රීවරු 80ක් එරෙහි වෙති..!

August 22, 2022 at 6:37 am | by emanisa.lk

විසි දෙවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට ඇතුළත් කරනු ලැබ ඇති පාර්ලිමේන්තුව වසර දෙකහමාරකින් විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය සංශෝධනය නොකළහොත් එම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් පැවැත්වෙන ඡන්ද විමසීමට සහභාගී නොවීමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අසූවකට ආසන්න පිරිසක් පෙත්සමක් අත්සන් කර ජනාධිපතිවරයාට බාර දීමට කටයුතු කරගෙන යන බව වාර්තා වේ.

මෙසේ පෙත්සම අස්සන් කරගෙන යන මන්ත්‍රිවරුන් කණ්ඩායමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරු පිරිසක්ද විපක්ෂයේ සහ පාර්ලිමේන්තුවේ ස්වාධීනවූ මන්ත්‍රීවරු පිරිසක්ද ඇතුළත් වෙති.

මෙම මන්ත්‍රීවරුන් එම පෙත්සම අත්සන් කරමින් ඉල්ලා සිටින්නේ වසර දෙකහමාරකින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට ජනාධිපතිවරයාට බලය පැවරෙන වගන්තිය වසර හතරහමාරක් දක්වා වෙනස් කළ යුතු බවයි.

 
 


Leave a Reply

Your email address will not be published. Required fields are marked *